ව්‍යවසායක

චලන හෙට්ටිහන්දි

ප්‍රගතිය, සමානාත්මතාවය සහ බලාපොරොත්තුව වැළඳ ගන්නා ශ්‍රී ලංකාවක් සඳහා අපි එක් වෙමු. ඔබේ සහයෝගය ඉතා වැදගත් - කල්පවත්නා වෙනසක් ඇති කිරීමට අප හා එක්වන්න.

“මා ලද ජයග‍්‍රහණ මෙන්ම මා මුහුණ දුන් අභියෝග ද පදනම් කරගෙන අපේ රට තුළ තව තවත් අලූතින් හිතන්න පුළුවන් ව්‍යවසායකයන්ගෙන් පොහොසත් ව්‍යවසායක රාජ්‍යයක් බිහිකිරීම සඳහා දායකවිය හැකි දේශපාලන ගමනක් ආරම්භ කරමු .”

වෙනස් ගමනකට , අලුතින් හිතමු !

Play Video
Play Video
Play Video

අත්දැකීම් තුළින් ලබාගත් පන්නරයක නව ඇරඹුම

“බලපිටිය රේවත ජාතික පාසලෙන් උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබාගත් මා
හට තරුණ වියට පිය මනිද්දී ම විවිධ වූ සමාජ මෙහෙවරවල නිරතවීමේ අවස්ථාවක්
ලැබුණි. මගේ පියාගෙනුත් ලද දායාදයන් ද පියාගෙන් සහ සීයාගෙන් උරුම කරගත් ශ‍්‍රී
ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන අත්දැකීම් තුළින් ද පන්නරය ලැබුවෙමි.

එදා ගාල්ලේ රත්ගමට කොමියුනිස්ට් පක්ෂයේ තරුව ළකුණින් තරග කර පාර්ලිමේන්තු ගිය එම්. ජී. මෙන්ඩිස් සහෝදරයාගේ දේශපාලන ගමන ඉදිරියට ගෙනයාමේ ආරම්භයක් ලෙස 2020 පෙබරවාරි මස 23 වැනි දා පැවැති යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට ද මම ඉදිරිපත් වූයෙමි. එහි දී ලංකාවේ වැඩිම ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාගත් මන්ත‍්‍රීවරයා බවට පත්වීමට මම සමත් වූයෙමි. ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් තරුණ සම්මේලනය නියෝජ්‍ය ලේකම්වරයා ලෙස ද යොවුන් පාර්ලිමේන්තුවේ ධීවර අමාත්‍යවරය සහ ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කිරීම තුළින් ද මා හට තව තවත් දේශපාලන අත්දැකීම් ලබාගැනීමට හැකිවිය.

ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් තරුණ සම්මේලනය නියෝජ්‍ය ලේකම්වරයා ලෙස ද යොවුන් පාර්ලිමේන්තුවේ ධීවර අමාත්‍යවරය සහ ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කිරීම තුළින් ද මා හට තව තවත් දේශපාලන අත්දැකීම් ලබාගැනීමට හැකිවිය. ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ සම්මේලනයේ සභිකයකු වශයෙන් අපේ රට නියෝජනය කරමින් විවිධ රටවල පැවැති දේශපාලන සමුළු සඳහා තරුණ නායකයෙක් ලෙසින් මම සහභාගී වූයෙමි.මේ සියලූ අත්දැකීම් හරහා රටේ නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) කාර්යභාරය පිළිබඳ මූලික දැනුමක් ලබාගැනීමට මා හට හැකිවිය. මේ දැනුම තව තවත් පුළුල් කරගැනීමට මම නිරන්තරයෙන් ම උත්සාහ දරමි.

ව්‍යවසායකයකු ලෙස මාගේ පියා රත්ගම ආරම්භ කළ ”චලන බෝට් යාර්ඞ්” (Chalana Boat Yard) යාත‍්‍රා නිෂ්පාදන ව්‍යාපාරය තුළින් ලද ආභාසයෙන් Chalana Craft Export (PVT) Ltd යන මගේ ම ව්‍යාපාරය බලපිටියේ ආරම්භ කිරීමට ද මම කටයුතු කළෙමි. ඒ තුළින් අපනයන වෙළෙඳපොළට අපේ නිෂ්පාදන රැගෙන යෑමට තරුණ ව්‍යවසායකයකු ලෙස මා හට හැකියාව ලැබුණි.

එයින් ද නො නැවැතී ඩුබායි රාජ්‍යය තුළ GULF SHARK FOR SHIPS & BOATS TRADING CO. L.L.C නමින් මගේ ම යාත‍්‍රා නිෂ්පාදන ආයතනයක් ආරම්භ කර පවත්වා ගෙන යෑමට හැකිවීම පිළිබඳව තරුණ ව්‍යවසායකයකු ලෙස මා හට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ජාත්‍යන්තර මට්ටමේ මෙම ව්‍යාපාරය ආරම්භ කිරීම තුළින් රට තුළට වැඩි වැඩියෙන් විදේශ විනිමය රැගෙන ඒම මාගේ බලාපොරොත්තුව වේ.

මෙවන් දේශපාලන සහ ව්‍යවසායක අත්දැකීම් තුළින් පන්නරය ලබාගත් පසුබිමක් තුළ මගේ මීළඟ අරමුණ වන්නේ මෙතෙක් මා ලද ජයග‍්‍රහණ මෙන් ම මා මුහුණ දුන් අභියෝග ද පදනම් කරගෙන අපේ රට තුළ තව තවත් අලූතින් හිතන්න පුළුවන් ව්‍යවසායකයන්ගෙන් පොහොසත් ව්‍යවසායක රාජ්‍යයක් බිහිකිරීම සඳහා දායකවිය හැකි දේශපාලන ගමනක් ආරම්භ කිරීමයි. මෙම අරමුණ මුල් කරගෙන මම මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ගාල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටිමි.අලූතින් හිතන, වෙනසක් පතන මාගේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගැනීමට ගාලූ දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ දිරිගැන්වීම මා හට ලැබෙන බව මම විශ්වාස කරමි. 

රටක අනාගත ජීවනාලිය වන තාරුණ්‍ය සවි බල ගැන්වීමට ඇති හොඳම අවස්ථාව

"අඛණ්ඩතාවයෙන් සහ කැපවීමෙන්, අපි අපගේ පොරොන්දු ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්නෙමු - අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තබා අපි එක්ව දීප්තිමත් අනාගතයක් සකස් කරමු."

රටක් සවි බල ගැන්වීමට අන් කවරෙකුටත් වඩා තරුණයාට ඇත්තේ අසීමිත ආත්ම ශක්තියකි.

වෙනස් ගමනකට , ඔබත් අප හා එක්වන්න

Scroll to Top